රාජ්‍ය අංශයේ සේවකයන්ට පණිවිඩයක්…

හෙට (20) දිනයේ සේවයට වාර්තා නොකරන ලෙස රාජ්‍ය අංශයේ සේවකයින්ට දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම නියෝගය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන ලදී.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට දිනයේ සේවයට වාර්තා නොකරන ලෙස ඔහු රාජ්‍ය අංශයේ සේවකයින්ට දැනුම් දුන්නා.

හෙට දිනයේ සේවයට වාර්තා කළ යුත්තේ අත්‍යාවශ්‍ය සේවාවල සිටින පුද්ගලයින් පමණක් බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *