ගලධාරි හෝටලය මේ වන විට කොළඹ නගරයේ පැවැත්වෙන ජනතා විරෝධතාවන්ට එරෙහිව විවේචන ඉදිරිපත් කළ බවට සමාජ සහ වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන සාවද්‍ය තොරතුරු ගලධාරි හෝටලයේ කළමනාකාරිත්වය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
එම ප්‍රකාශය –
එකී ප්‍රතික්ෂේප කිරීම සහ ඊට අගතියක් නොවන බව යළිත් අවධාරණය කරමින් කළමනාකාරීත්වය පැහැදිලි කරමින් පවසන්නේ පවතින විරෝධතා හේතුවෙන් හෝටලයට යම් අපහසුතාවයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට පොලිසියට පැමිණි අවස්ථාවේදී එක් කළමනාකරුවකුට විශේෂයෙන් 2022.04.29 වන දින බලධාරීන් විසින් හෝටලයට යන මාර්ගය අවහිර වන පරිදි බාධක යොදා මාර්ග වසා දැමීම හේතුවෙන් අපහසුතාවයට පත් වූ බව පමණක් සඳහන් කර ඇත.
“ගෝඨාගෝගම” ඉවත් කරන ලෙස ඉල්ලා හෝ කොළඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිදුවන ජනතා විරෝධතා විවේචනය කිරීම/ හෙළා දකිමින් කළමනාකාරිත්වය විසින් කිසිදු අවස්ථාවක ප්‍රකාශයක් ලබා දී නොමැත.
1984 ආරම්භයේ සිටම ගලධාරි හෝටලය සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර එය දිගටම කොන්දේසි විරහිතව සිදු කරනු ඇත.
එබැවින් හෝටලයට හෝ එහි කාර්ය මණ්ඩලයට එරෙහිව කිසිදු අපහාසාත්මක, අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රකාශ සහ/හෝ පදනම් විරහිත චෝදනා කිරීමෙන් වළකින ලෙස කළමනාකාරීත්වය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.