‘හොරු ගෝ ගම’ පාර්ලිමේන්තුව අසල පිහිටුවයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) සිසුන් පිරිසක් පාර්ලිමේන්තුවට යන මාර්ගය දිගේ ‘හොරු ගෝ ගම’ විරෝධතා කඳවුරක් පිහිටුවා ගත්හ.

මෙම විරෝධතා කඳවුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට එරෙහිව පිහිටුවා ඇති නවතම අඩවියයි.

අවිශිබම ඊයේ සවස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට පාර්ලිමේන්තු පාර දක්වා විරෝධතා පාගමනක් දියත් කළ අතර පසුව පොලිසිය සිසුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

කෙසේ වෙතත් විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට යන මාර්ගය අයිනේ කඳවුරු බැඳගෙන විරෝධතාවයේ නිරත වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *