ජනතා විමුක්ති පෙරමුණේ චෝදනාවට මෛත්‍රී ගෙන් පිළිතුරු…

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක සහ දූෂණ විරෝධී හඬ කැදවුම්කරු වසන්ත සමරසිංහ තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාලය පිළිතුරු ලබාදී තිබේ.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා දූෂණ විරෝධී හඬ සංවිධානය සමඟ එක්ව අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රාජපක්ෂ පවුලට, දේශපාලනඥයින්ට සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට සම්බන්ධ විශාල දූෂණ හෙළි කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ පවුලේ අයටද මහ බැංකු බැඳුම්කර මගඩියේ වාසිය හිමිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක සහ දූෂණ විරෝධී හඬ කැදවුම්කරු වසන්ත සමරසිංහ හෙළිකර තිබුණා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අයද මහ බැංකු බැඳුම්කර වංචාකරුවන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවයි.

එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති ලේකම් සමීර ද සිල්වා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම චෝදනා පදනම් විරහිත සහ අසත්‍ය බවයි.

බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් විවිධ කොමිෂන් සභා පිහිටුවා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් එහි සත්‍ය හෙළි කිරීමට හිටපු ජනාධිපතිවරයා දැඩි වෙහෙසක් ගත් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *