ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළේය.
අමාත්‍ය විජේසේකර මහතා පැවසුවේ, විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අනුමත කර ඇති බවයි.
මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය පළමු අවස්ථාව නොවන බව සඳහන් කළ ඔහු, 2015 වසරේ සිට ගාස්තු සංශෝධන සඳහා කිහිප වතාවක්ම ඉල්ලීම් කළ බව පෙන්වා දුන්නේය.
එය ක්‍රියාත්මක කිරීමට, සංශෝධනය කිරීමට හෝ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට අමාත්‍ය මණ්ඩලයට බලය ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.
විදුලි බිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කළා.