කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුනු අධික වර්ෂාවත් සමග ජලාශයේ ජල මට්ටම අඩි 10 කින් ඉහල ගොස් ඇති බව එම ජලාශ භාර ඉන්ජිනේරුවරයෙකු පැවසිය.
කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වන හැටන් , නෝර්වුඩ් යන ප්‍රදේශ වලට ඇද හැලුනු අධීක වර්ෂාවත් සමග ජලාශයේ ජල මට්ටම අඩි 10 කින් ඉහල ගොස් තිබු බවයි එම ජලාශ භාර ඉන්ජිනේරුවරයා කියා සිටියේ.
කාසල්රි ජලාශයේ වේල්ලේ උස මට්ටම අඩි 155 ක් වන අතර මේ වන විට එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 41 ක් පහල බැස ඇති බවයි එම ජලාශ භාර ඉන්ජිනේරුවරයා කියා සිටියේ.
කාසල්රි ජලාශයෙන් ලබා ගන්නා ජලයෙන් විමලසුරේන්ද්‍ර ,ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලිය උත්පාදනය කරනු ලබයි.