නොසන්සුන්තාවයෙන් පසු මහින්ද රාජපක්ෂ මිරිහාන ගෝඨාභය රාජපක්ෂගේ නිවසට යයි…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ මහජන විරෝධතාවක් පැවැත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට අද පැමිණියා.

මිරිහාන ජනාධිපති පෞද්ගලික නිවස අසල විරෝධතාවයේ නිරත වූ විශාල පිරිස විසුරුවා හැරීමට පොලීසිය ඊයේ රාත්‍රියේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

වාහන කිහිපයකට ගිනි තබා ඇති අතර, නොසන්සුන්තාව අතරතුර ආරක්ෂක අංශ සාමාජිකයින්, මාධ්‍යවේදීන් සහ සිවිල් වැසියන් ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇතුළු 50කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *