තමා සිය ධූරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට කටයුතු කරන බවට පළවන වාර්තා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කළේය.
අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තම ධූර කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කරන බවත් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයද ජයග්‍රහණය කිරීම තම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශ්වාස බවයි.
රටේ ප්‍රශ්න තිබුණත් ඒවා කඩිනමින් විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවත්, රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වී නැති බවත් ඔහු පැවසීය.
‘මැතිවරණයත් අපි දිනනවා. මට තව කල් තියෙනවා. මම වහාම විශ්‍රාම යන්නේ නැහැ. ජාතික ආණ්ඩුවක් ගැන කියන කතා ඔක්කොම බොරු. මට රනිල් හෝ සජිත් සමඟ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ සියල්ල අසත්‍යයි’
විදුලිය, ඉන්ධන සහ ගෑස් හිඟය වැනි වත්මන් ආර්ථික අර්බුද අවසන් වන්නේ කවදාදැයි ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වූයේ රජය මේ සියලු ගැටලු කඩිනමින් විසඳා දෙන බවයි.
එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවටත් ඊයේ දිනයේදී රාවයක් පැතිර ගියේය.
ශ්‍රී ලංකාව පත්වී ඇති අර්බුදය විසඳා ගැනීමට සියලු පක්ෂ එකතු වී රනිල් වික්‍රමසිංහ මහතා එහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ජාතික සම්මුතියක් ළඟදීම ඇති වන බවට එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත ඉඟි පළ කළේය.