Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඉන්ධන පෝලිමක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට.

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඉන්ධන පෝලිමක ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගල ඝාතනයක් සිදුව ඇත.

පොලීසිය සඳහන් කරන්නේ නිට්ටඹුව ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක මෙම ගැටුම ඇති වී තිබෙන බවය.
තියුණු ආයුධයකින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මියගොස් ඇත්තේ 29 හැවිරිදි තරුණයෙකි.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ ත්‍රීරෝද රථ රියැදුරෙකි.

ප්‍රහාරය එල්ල වීමෙන් පසු එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

ඔබේ අදහස