රටේ කුමන ප්‍රශ්න තිබුණත් නුවරඑළිය අප්‍රේල් උත්සවය පවත්වන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පැවසීය.
නුවරඑළිය ක්‍රිකට් සංගමය විසින් ඊයේ සංවිධානය කරන ලද නුවරඑළිය ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය අමතමින් ඔහු කියා සිටියේ මෙම උත්සවයට විනෝදාත්මක තරග මාලාවක් ඇතුළත් වන බවයි.
උත්සවයට පැමිණෙන දුර බැහැරින් පැමිණෙන සංචාරකයින් සඳහා ආරක්ෂාව සැලසීමේ වගකීම පොලිසියට පැවරෙන බවද ඔහු පැවසීය.
මෙම අවස්ථාවට නුවරඑළිය කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා සහභාගී විය.