ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ‘අපි ගෝඨාභය සමගයි’ WeAreWithGota තේමාවෙන් විශාල ප්‍රමාණයේ ප්‍රචාරක ව්‍යාපෘතියක් සමාජ ජාල ක‍්‍රියාකාරීන් විසින් ආරම්භ වී තිබේ.
එය ආරම්භ කර ඇත්තේ GotaGoHome ලෙස විරුද්ධ මතධාරීන් විසින් සමාජ ජාලවල ප‍්‍රචාරය කරමින් තිබූ මතවාදයට ප්‍රතිවිරුද්ධවයි.
ආණ්ඩු හිතවාදී සමාජ ජාලා මෙහෙයවන්නන් විසින් මෙම ප‍්‍රචාරය දියත් කරමින් සිටිති.
රජයේ තනතුරු දරන නිලධාරීන් පිරිසක් විසින් මෙම ප‍්‍රචාරක සටහන් වැඩි වශයෙන් හුවමාරු කරනු නිරීක්‍ෂණය කල හැකිය.
“අපි දැන් මුහුණ දීල ඉන්නේ ලෝකේ හැමෝම මුහණ දෙන දරුණු ආර්ථික ප්‍රශ්නෙකට.
තෙල් පෝලිම් තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි.
බඩු මිල වැඩි ලංකාවේ විතරක් නෙවෙයි.
අපි හැමෝම ප්‍රශ්නෙක ඉන්නේ.
ඉවර කරන්න බෑ කියුව යුද්දේ ඉවර කරපු අපි,
ලෝකෙම දණගස්සපු කොරෝනාව ජයගත්ත අපි,
මේ ආර්ථික අර්බුදෙත් ජයගන්නවා”