ශ්රී ලංකාවේ රන් මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වේ.
කොළඹ සී ස්ට්රීට් ප්රදේශයේ රන් අලෙවිකරුවන්ට අනුව රන් මිල සීග්රයෙන් ඉහළ ගොස් තිබේ.
යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වය රන් මිල ඉහළ යාමට බලපා ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
ඒ අනුව කැරට් 24 රන් කාසියක මිල රු. 150,000ක් වන අතර කැරට් 22 රන් කාසියක මිල රු. 139,000 කි.
රත්රන් මිල අධික වීම දේශීය වෙළෙඳපොළේ රත්රං හිඟයකට හේතු වී ඇති බව රන් අලෙවිකරුවන් වැඩිදුරටත් අනාවරණය කර ඇත.
කෙසේ වෙතත්, මේ වන විට ගෝලීය වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,974 දක්වා පහත වැටී තිබෙනවා.