හාලිඇල – උඩුවර ප්රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවෙකු අද පොරවකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ, අද පාසල් ගොස් නිවසට පැමිණෙමින් සිටියදී මෙම සිසුවිය ප්රහාරයට ලක්ව ඇති බව ය.
කලක සිට පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මහේස්ත්රාත් පරීක්ෂණය සඳහා තරුණයාගේ සිරුර ඝාතනය සිදුවූ ස්ථානයේ තැන්පත් කර ඇත.
ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා හාලිඇල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.