නදුන්ගමුවේ රාජා ඇතාගේ දේහය සංරක්ෂණයට පියවර…

දළදා කරඬුව වැඩම කර මියගිය නඳුන්ගමුවේ රාජා ඇතා ජාතික වස්තුවක් ලෙස නම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දුන්නේය.

නඳුන්ගමුව රාජයාගේ දේහය අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඇතා ජීවත් වූ ගම්පහ වැලිවේරිය නඳුන්ගමුව ප්‍රදේශයට ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *