තලෙයිමන්නාරම උතුරු දෙසින් වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු 26 රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් නාවික යාත්‍රාවක සෝදිසි නිරීක්ෂණයක නිරත වෙමින් සිටියදී තලෙයිමන්නාරම උතුරු දෙසින් වූ මුහුදු තීරයේ අදාල ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් සමගින් නාවික හමුදා භාරයට ගනු ලැබීය.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් පිරිස පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මන්නාරම ධීවර පරික්ෂක කාර්යාලයට ඉදිරී නිතිමය කටයුතු සිදුකිරීමට භාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
මේ අතර මේ මස (පෙබරවාරී) පමණක් උතුරු මුහුදු තීරයට ඇතුලු වී මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 59 දෙනෙකු සහ ඉන්දීය ධීවර යාත්‍රා 09 ක් නාවික හමුදා භාරයට ගනු ලැබීය.