සති අන්තයේ රාත්රී කාලයේ විදුලිය විසන්ධි නොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව හෙට (26) ඒ, බී සහ සී යන ප්රදේශවලට පමණක් දිවා කාලයේ විදුලි කප්පාදුව පැය 3 දක්වා අඩු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
මේ අතර අනෙකුත් ප්රදේශවලට හෙට (26) දිවා කාලයේ පැය 2 ½ ක විදුලි කප්පාදුවක් සිදුවේ.
රත්නායක වැඩිදුරටත් කියා සිටියේ ඒ, බී සහ සී ප්රදේශ හැර ඉරිදා (27) විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
ඒ, බී සහ සී යන ප්රදේශවලට ඉරිදා (27) දිවා කාලයේ පැය 2 1/2ක කාලයක් විදුලිය විසන්ධි කරන බව ඔහු පැවසීය.