විමල්ගේ පුද්ගලික ෆේස්බුක් ගිණුම හැක් කරයි

අමාත්‍ය විමල් වීරවංශගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම කිසියම් පුද්ගලයෙකු විසින් හැක් කර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුම භාවිත කරමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ හේතුවෙන් දින කිහිපයක් තම පෞද්ගලික ගිණුම භාවිත කිරීමට නොහැකි වූ බවයි.

ඊයේ දිනයේදී කිසියම් පුද්ගලයෙකු සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුම භාවිත කිරීමට උත්සහ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ වන විට සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුම යළි ලබාගැනීමට තමන් සමත්ව ඇති බව අමාත්‍ය වීරවංශ මහතා හෙළිකර තිබේ.

හැකර් විසින් ෂෙයා කරන ලද අනවශ්‍ය සහ ආන්දෝලනාත්මක පෝස්ට් ලබා ගත් අයගෙන් ඔහු තවදුරටත් සමාව අයැද සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *