වතුකරයේ පවුල් සඳහා තිරිඟු පිටි සහන ලබාදීමට ඉදිරියෙදී පියවර

වතුකම්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට තිරිඟු පිටි / සර්ව කාර්ය පිටි සඳහා සහන සැලසීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ප්‍රතිලාභී පවුල් 115,867ක් සඳහා පිටි කිලෝග්‍රෑම් 15ක් මාසිකව ලබාදීමට වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවෙන් අපේක්ෂා කෙරේ.

‘මහජනතාව මුහුණ දෙන ආර්ථික බාධාවන් අවම කිරීම සඳහා යෝජනා ක්‍රියාත්මක කිරීම’ යන මැයෙන් මෙම සහන සැලසීම සිදු කෙරේ.

ඉහත යෝජනා අතර තිබූ වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහන ලබාදීමට අදාළ යෝජනාව සලකා බලා වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් නිර්දේශ නිකුත් කර තිබුණි.

එම නිර්දේශවලට අනුව ප්‍රතිලාභී පවුල් 115,867ක් සඳහා පිටි කිලෝග්‍රෑම් 15ක් මාසිකව ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *