විදුලි කප්පාදුවක් පැනවීමට ආසන්න බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අද නිවේදනය කළේය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා පැවසුවේ, විදුලිය විසන්ධි කිරීමේ යාන්ත්‍රණය අද දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි.
මේ අතර, කැලණිතිස්ස සොජිට්ස් බලාගාරයේ විදුලි උත්පාදනය නතර කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඉන්ධන හිඟයක් හේතුවෙන් බලාගාරයේ විදුලි උත්පාදනය නතර කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට රජයට නොහැකිව ශ්‍රී ලංකාව විදුලි අර්බුදයකට මුහුණ දී සිටී.