ශ්‍රී ලංකාවේ 17 වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලය වන වවුනියාව විශ්වවිද්‍යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරිණි.
විශ්වවිද්‍යාලය මීට පෙර යාපනය විශ්වවිද්‍යාලයට අනුයුක්ත කර තිබුණේ වවුනියාව මණ්ඩපය ලෙසින් වන අතර එය 2021 ජූනි මස ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු අහෝසි කරන ලදී.
වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කරමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, “මෙමගින් සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය ඉහළ නංවන අතර, ජාතිය පුරා සිටින අපගේ ජනතාව සහ අපගේ සංස්කෘතිය වඩාත් ඒකාබද්ධ කිරීමට අවස්ථාව උදාකර දෙන බව” ප්‍රකාශ කළේය.
ව්‍යාපාර අධ්‍යයනය, ව්‍යවහාරික විද්‍යා සහ තාක්ෂණ අධ්‍යයන යන ක්ෂේත්‍රවල උසස් අධ්‍යාපනය ලබා දීම, ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීමේ අරමුණින් නව විශ්වවිද්‍යාලය ස්ථාපිත කර ඇත.
වවුනියාව විශ්ව විද්‍යාලය විසින් තෝරාගත් විෂයයන් පිළිබඳ විශේෂඥතාවක් වර්ධනය කර ගැනීමේ හැකියාව සහිත මනා අධ්‍යාපනයක් සිසුන්ට ලබා දීමේ අරමුණින් පුළුල් පරාසයක ආශ්‍රිත විෂයයන් හා සම්බන්ධ පාඨමාලා සංවර්ධනය කරනු ඇත.