එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සාගල රත්නායක මහතා එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.
පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියා පටිපාටිය පිළිබඳව සෑහීමකට පත් නොවීම හේතුවෙන් පසුගිය වසරේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධුරය ප්‍රතික්ෂේප කළ නවීන් දිසානායක මහතා වෙනුවට සාගල රත්නායක මහතා පත් කෙරේ.
නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් නවීන් දිසානායක කියා සිටියේ තමන් සහ සෙසු සාමාජික අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේ පක්ෂය තුළ සාමාජිකයන් කරකැවීමෙන් වෙනසක් නොවන බවයි.
පක්ෂය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කළ යුතු බව යළිත් අවධාරණය කළ දිසානායක, එසේ කිරීමට එක්සත් ජාතික පක්ෂය අසමත් වුවහොත් පක්ෂයට අනාගතයක් නොමැති බවද පැවසීය.
තමන් තවමත් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායකයා ලෙස කටයුතු කරන බවද නවීන් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ, නවීන් දිසානායක මහතා එම තනතුර ප්‍රතික්ෂේප කළ නිසා පක්ෂය විසින් ඒ වෙනුවට සාගල රත්නායක මහතා පත් කළ බව ය.
2022 වසර සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් පත්කිරීමේදී මෙම පත්කිරීම සිදුකර ඇති අතර එම තනතුර වසරකට ආසන්න කාලයක් පුරප්පාඩුව පැවතීම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇති බව ඔහු පැහැදිලි කළේය.
සාගල රත්නායක මහතා යටතේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.