ජාතික මානව සම්පත් හා රැකියා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව යටතේ මෙම වැඩසටහන ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 98,000කට ආසන්න පිරිසක් අ.පො.ස. උසස් පෙළ සඳහා සුදුසුකම් නොලබන ලදී
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, ගණිතය විෂය පමණක් අසමත් වී නැවත විභාගයට පෙනී සිටින සිසුන් හැර සෙසු සිසුන්ට පාඨමාලාව හැදෑරීමට අවස්ථාව සලසන බවයි.
පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලබන අය ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් හඳුනාගෙන ඔවුන්ගේ හැකියාව අනුව පාඨමාලා ලබාදීමට නියමිතය.