බන්ධනාගාරය තුළ තදබදය අවම කිරීමට දෙපාර්තමේන්තුවෙන් නව යෝජනාවක්

සුළු වැරදි සඳහා වරදකරුවන් වන සිරකරුවන් නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙලක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙනවා.

චක්‍රලේඛයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ බන්ධනාගාරවල තදබදය අවම කිරීම සහ සුළු වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වන සිරකරුවන් සඳහා විකල්පයක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

භාරකාර නොවන පියවර සඳහා එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති (ටෝකියෝ නීති) යටතේ මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කරන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

මෙම වැඩසටහන යටතේ සුළු වැරදි සඳහා වරදකරුවන් වන සිරකරුවන් දඬුවම් නියම කරන කාලය සඳහා ඔවුන්ගේ නිවෙස්වල රඳවා තබාගෙන ඔවුන්ව තාක්‍ෂණය ඔස්සේ බන්ධනාගාර නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබේ.

මෙම ක්‍රියාමාර්ගය තුළින් බන්ධනාගාර තුළ පවතින තදබදය අවම වන අතර ඒ සඳහා රජයට වැය වන මුදල ද අඩු වනු ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *