රේගුව තුළ රඳවා ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ බහාලුම් කඩිනමින් මුදාහරින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදීයි මෙම උපදෙස් ලබාදී ඇත්තේ.
වෙළෙඳපොළේ පවතින ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
මේ අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන පරිදි කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.
තෝරාගත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට ඉඩ දිය යුතු බවත්, වැඩිපුර භාණ්ඩ ආනයනය කිරීමට ඉඩ නොතැබිය යුතු බවත්, මිල වැඩි කිරීම සඳහා තොග සඟවා තබා ගත යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම කඩිනම් කිරීම සඳහා නව යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙසට ද උපදෙස් ලබා දී ඇති අතර, එම නිසා ඒ පිළිබඳ නියාමනය සහ අධීක්‍ෂණය කරන ලෙස ජනාධිපතිවරයා නව කමිටුවට උපදෙස් දුන්නේය.