ශ්‍රී ලංකාවේ පවතින නියඟය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවලදී ජල සැපයුම සීමා කළ හැකි බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවයි.
පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජල මූලාශ්රවල ජල මට්ටම්වල සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබේ.
කෙසේ වෙතත් මේ වන විට දෛනික ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
ඒ අනුව වාහන සේදීම, ගෙවතු වගාව වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පානීය ජලය භාවිත නොකරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.