ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර COVID-19 ආසාදනය වී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
තුෂාර එළඹෙන ඔස්ට්‍රේලියානු විස්සයි20 සංචාරය සඳහා ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකා සංචිතයේ කොටසකි.
නුවන් තුෂාර නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති අතර ඔහුගේ නිරෝධායන කාලය පෙබරවාරි 5 වැනිදායින් අවසන් වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 3 වැනි බ්‍රහස්පතින්දා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි