පවතින ඉන්ධන අර්බුදය ශ්‍රීලංකන් ගුවන් සේවයට හෝ මෙරට අභ්‍යන්තර ගුවන් සේවාවලට බල නොපාන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක කීවේය.
ඉදිරි මාස එකහමාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව පවතින බව ඔහු පැවසීය. ඉදිරි ඉන්ධන මිලදී ගැනීම් සඳහා පසුගිය සතියේ ඩොලර් මිලියන 32ක් ගෙවා ඇත. ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් සංචිත ද ශ්‍රීලංකන් ගුවන් සමාගම සතුව පවතී.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත ලබාදෙන සේවාවන් කිසිවිටෙකත් අඩාල නොවන පරිදි කටයුතු කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.