ඉදිරි දින 10 තුළ විදුලි කප්පාදුවක්: රමේෂ් පතිරණ

මේ වන විට විදුලි සැපයුමේ අර්බුදයක් පවතින බව පිළිගන්නා අතර, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති කාලසටහනට අනුව ඉදිරි දින 10 තුළ විටින් විට විදුලිය විසන්ධි විය හැකි බව සම කැබිනට් ප්‍රකාශක සහ වැවිලි අමාත්‍ය Dr. රමේෂ් පතිරණ මහතා පැවසීය.

අද පැවති සතිපතා කැබිනට් රැස්වීමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනතාවට කල්තියා සූදානම් වීමට අවස්ථාවක් ලබා දීම සඳහා විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුවක් යෝජනා කර ඇති බවයි.

ජනතාවගේ දෛනික කටයුතුවලට බාධාවක් නොවන පරිදි විදුලි කප්පාදුව කළමනාකරණය කරන ලෙස ද ජනාධිපතිතුමා පරිපාලනයට උපදෙස් දුන් බව ඔහු පැවසීය.

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය පිළිසකර කිරීමට තවත් දින 9ක් 10ක් ගතවන බවත්, ජනවාරි 20 වැනිදායින් පසු එම ගැටලුවට විසඳුම් ලැබෙන බවත් ලංවිම ප්‍රකාශ කළේය.

මේ අතර සපුගස්කන්ද බලාගාරය ධාවනය කිරීමට අවශ්‍ය තරම් ඉන්ධන ප්‍රමාණයක් රට තුළ පවතින බවත් එය ක්‍රමයෙන් මුදාහරිමින් පවතින බවත් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *