දිවයිනේ ප්රදේශ තුනකින් නාඳුනන පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු අද සොයා ගෙන තිබෙනවා.
වැල්ලවත්ත මුහුදු තීරයේ තිබී අද පෙරවරුවේ පිරිමි මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි.
මළ සිරුර වයස අවුරුදු 40-55 අතර පිරිමි පුද්ගලයෙකුගේ බවට පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
මේ අතර බම්බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ තවත් මළ සිරුරක් අද පෙරවරුවේ ගොඩගනු ලැබුවා.
මළ සිරුර වයස අවුරුදු 40ත් 55ත් අතර පිරිමි පුද්ගලයෙකුගේ බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
මහේස්ත්රාත් පරීක්ෂණ අවසන් වීමෙන් පසු මෘත ශරීර දෙකම කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බවයි ඔවුන් පැවසුවේ.
එමෙන්ම කොලොන්නාව ප්රදේශයේ ඇළක තිබී පිරිමි මළ සිරුරක් ද අද ගොඩගනු ලැබුවා.
මළ සිරුර නාඳුනන පුද්ගලයෙකුගේ බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මක බවත් පොලිසිය පවසයි.