Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බොබ් සෑගට් අභාවප්‍රාප්ත වෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ලෝ ප්‍රකට අමෙරිකානු ප්‍රහසන රංගන ශිල්පියෙකු වන බොබ් සෑගට් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 65 හැවිරිදි වියේ පසුවිය.

ඔහු වඩාත් රසික ජනාදරයට පාත්‍ර වූයේ ලොව පුරා අතිශය ජනප්‍රියතත්වයට පත් වූ Full House ටෙලිනාට්‍ය මාලාව හරහාය.

Orlando හි හෝටලයක කාමරයක් තුළදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් අහිතකර මත්ද්‍රව්‍ය භාවිත කිරීම් පිළිබඳවද තොරතුරු වාර්තා නොවන බවද විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු පසුගිය සෙනසුරාදා රාත්‍රී ෆ්ලොරිඩා හි Jacksonville ප්‍රදේශයේ දී විශේෂ ප්‍රසංගයක් ද පවත්වා තිබේ.

ඔබේ අදහස