චීන සමාගමේ ක්‍රියාව ඉන්දියාවේ පරිප්පු හෙළීම හා සමානයි – දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකාවේ නිරෝධායන ආයතනය සිදුකළ පරීක්ෂණයෙන් අසමත්වූ පොහොර තොගයක් මෙරටට බලහත්කාරයෙන් ලබාදීමට උත්සාහ කිරීම ඉන්දියාව විසින් මෙරටට පරිප්පු හෙළීම හා සමාන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

එවැනි දෙයක් කිරීමට අයිතියක් චීන සමාගමට නැතැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්වරයා මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක පුරප්පාඩු සඳහා නව සංවිධායකවරුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ කටයුතු සඳහා ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

මාධ්‍යවේදීන් ට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ, “නෑ ඉතිං මේක සම්පූර්ණ වැරදි වැඩක්. ඒ කියන්නේ චීනෙට කිසිදු අයිතියක් නැහැ. මේ රටේ නිරෝධායන නීති අනුව ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. ලංකාවට බලහත්කාරයෙන් බාන්න හදන එක සම්පූර්ණ වැරදියි. ඒ වගේම තුන්වන පාර්ශ්වයක් කරා යන එකත් සම්පූර්ණ වැරදියි. එහෙම චීනෙට හෝ වෙනත් රටකට හෝ ලංකාවට බලහත්කාරයෙන් ගෙනල්ලා පරිප්පු හරි පොහොර හරි දාන්න බැහැ. ඒක හරියට ඉන්දියාව පරිප්පු දැම්මා වගේ වැඩක් මේ,” යනුවෙනි.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ කිසිදු රටකට ශ්‍රී ලංකාවට වැලි ඇටයක් හෝ දැමීමට පුළුවන් කමක් නොමැති බවය.

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“චීනයට තියා බලුකිස්තානයටවත් පුළුවන් කමක් නෑ අපේ රටට වැලි ඇටයක්වත් දාන්න. බලහත්කාරයෙන් දානවා නම් ඒක වැරදියි. අපේ දේශීය විද්වතුන් විශේෂඥයින් තත්ත්ව පරීක්ෂණ කරලා නිර්දේශයක් දුන්නාම ඒක තමයි අපි භාරගන්න ඕනේ. ඒ නිසා මේවට තුන්වන පාර්ශ්ව අවශ්‍ය නෑ. තුන්වන පාර්ශ්ව අවශ්‍ය වෙනවා රටවල්වල යුද්ධ ඇති වුණාම. මේක මේ පොහොර ප්‍රශ්නය. ඒක ආණ්ඩුවට අවශ්‍ය දේ දෙන්න ඕනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *