කොවිඩ්-19 ව්‍යාප්තියත් සමඟ පසුගිය වසරේ ඔක්තෝබර් 30 වැනිදා නිරෝධායන රෙගුලාසි පැනවීමෙන් පසු ඊයේ (26) වන විට පුද්ගලයින් 81,353 දෙනෙකු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඔක්තෝබර් 25 වැනි දින පෙරවරු 06.00 සිට ඊයේ (26) පෙරවරු 06.00 දක්වා වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
බස්නාහිර පළාතේ ස්ථාපිත කර ඇති මාර්ග බාධක 13කදී බස්නාහිර පළාතෙන් පිටවන වාහන 542ක් සහ පුද්ගලයන් 1088ක් ඊයේ පරීක්ෂාවට ලක් කෙරිණි. ඊට අමතරව බස්නාහිර පළාතට ඇතුළු වන වාහන 684ක් සහ පුද්ගලයන් 1154ක් ද පරීක්ෂාවට ලක් කෙරිණි.
ඒ අනුව නිසි බලපත්‍ර නොමැතිව මාර්ග බාධක හරහා පැමිණි වාහන 133ක් සහ පුද්ගලයන් 272ක් ආපසු හරවා යැවූ බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.