අලි ගුලාම් හුසේන් නමැති කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරසිටින ඒ මහතාගේ පුත්‍රයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ ලබන 01 වනදා දක්වාය.
මීට වසර 4කට පමණ ඉහත දී අලි ගුලාම් හුසේන් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය වී තිබුණි.
ඊට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවිය.
එම අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සඳහන් කළේ, මෙම අපරාධය පිළිබඳව තොරතුරු දන්නා තවත් පුද්ගලයෙකු සාක්ෂිකරුවෙකු වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම්කර සිටින බවත් ඔහු වහා සැකකරුවකු වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙසටය.
ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, දැනට සාක්ෂිකරු වශයෙන් නම්කර ඇතැයි කියන අදාළ පුද්ගලයා විසින් ලබාදී ඇති කට උත්තරයේ සම්පූර්ණ පිටපතක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසය.
එමෙන්ම CCTV දර්ශන හා රජයේ රස පරීක්ෂක වාර්තා ඔස්සේ වැඩිදුරටත් මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ සිදුකරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා විසින් පොලීසියට උපදෙස් ලබාදුනි.
ඉදිරි පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.