කෝලි විස්සයි විස්ස නායකත්වයෙන් සමු ගනී

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයෙකු වන විරාත් කෝලි ඉන්දීය පන්දුවාර විස්සයි 20 නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව එළඹෙන පන්දුවාර 20 ලෝක කුසළාන තරගාවලියෙන් පසු ඔහු ඉන්දීය නායකත්වයෙන් ඉවත් වනු ඇත.

නිළ ප්‍රකාශයක් සිදු කරමින් කෝලි පවසන්නේ එක්දින සහ ටෙස්ට් තරගවලින් ඉන්දියාව ඉදිරියට ගෙන ඒමට තමාට පූර්ණ වශයෙන් සූදානම්වීමට ඉඩ ලබාදිය යුතු බවය.

එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරග මෙන්ම පන්දුවාර විස්සයි 20 යන තරග රටා තුනේම නායකත්වයේ වගකීම දැරීම එහිදී තමාට අසීරු බව කෝලි පවසයි.

මෙම තීරණය සම්බන්ධයෙන් තමා ඉන්දීය ක්‍රිකට් ආයතනය, තේරීම් කමිටුව, ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රී සහ උප නායක රෝහිට් ෂර්මා සමග ද ඔහු සාකච්ඡා කර තිබේ..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *