ඩෙංගු ගැන බස්නාහිර පළාතේ ජනතාවට අනතුරු ඇඟවීම්

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය හිස ඔසවමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

අද කොළඹ පැවති වැඩසටහනකදී හෙළිවූයේ මේ වසර තුළ මේ දක්වා ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් 16,500ක් වාර්තා වී ඇති බවය.

ඉන් බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර ඊයේ වනවිට එම අගය 3,000 ඉක්මවා තිබුණි.

කොළඹින් පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 1,125ක් පමණ වෙයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පැවසුවේ ඒ ගැන ජනතාව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *