දැරියකට වද දුන් පියා සහ නැන්දා බන්ධනාගාර ගත කෙරේ

නොරොච්චෝලේ ප්‍රදේශයේ නිවසක කෘෘරත්වයට ලක්වෙමින් සිටි 13 හැවිරිදි දැරියක් පොලීසියට ලද තොරතුරක් අනුව මුදාගෙන තිබේ.

එම දැරිය කෘෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් දැරියගේ පියා සහ පියාගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *