පළාත් කිහිපයකට තද වැසි

දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය තවදුරටත් සක්‍රියව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නවතම නිවේදනයෙන් පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

උතුරු මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවේ.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 40ත් 50ත් දක්වා වන තරමක තද සුළං ද ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *