Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

හදුනාගැනීමේ පෙරෙට්ටුවෙන් මාලදිවයිනේ හුටපු ඇමති දැරිය දූෂණය කළ බවට හෙළි විය

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ගල්කිස්ස ප්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී එම දැරිය විසින් අද සැකකරුවන් සිව් දෙනකුව හඳුනාගෙන තිබුණි.

මෙලෙස හඳුනාගනු ලැබුවේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙක් වන මොහොමඩ් අෂ්මලි, බම්බලපිටිය සහ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටල් දෙකක කළමනාකරුවන් දෙදෙනෙකු සහ හෝටල් සේවකයෙකි.

කෙසේ වෙතත් මාලදිවයින් ජාතිකයාට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වී තිබූ හෙයින් මහෙස්ත්‍රාත්වරිය ඔහුව රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ නමුත් සෙසු සැකකරුවන්ගේ විමර්ශන අවසන් නොමැති හෙයින් ඔවුන්ව ජුලි 29 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණි.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සිදුකරන විමර්ශනයට අනුව මේ වනවිට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 41 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ අදහස