අන්තර්ගතයට යන්න
Tuesday, 10 November 2026
Sri Lanka Breaking News | LKREPORS | Sri Lankan Breaking News

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

Sri Lanka Breaking News | LKREPORS | Sri Lankan Breaking News
  • ප්‍රවෘත්ති
  • ක්‍රීඩා
  • ලොව වටා
  • විශේෂාංග
  • කාලීන
  • විද්‍යාව හා තාක්ෂණය
  • ආර්ථික
  • විමසීම්

කොරෝනා වසංගත පාලනයට සම්පූර්ණ සහාය දෙනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය

ප්‍රවෘත්ති · July 15, 2021 · July 15, 2021 8:22 pm
බෙදාගන්න
FacebookXWhatsAppTelegramඅදහස්

කොරෝනා වසංගතය පාලනයට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහයට ලෝක සෞඛ්‍ය සංවිධානය සම්පූර්ණ සහාය ලැබෙන බව එහි මෙරට නිත්‍ය නියෝජිතවරිය පවසයි.

අලකා සිං මහත්මිය මේ බව පැවසුවේ අද කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වුණු එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීය.

එම එන්නත්කරණ වැඩසටහන ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් සිදුවේ.

මේ අතර දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් ප්‍රමාණය වාර්තාකරමින් ඊයේ (14) මෙරට පුද්ගලයන් 384,763 දෙනෙකුට  කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ.

එමෙන්ම බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා යුද හමුදාවෙන් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී ආරම්භ වී තිබුණි.

එම එන්නත්කරණ කටයුතු සිදුකරන්නේ යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් විසින්ය.

අද සිට සෑම දිනකම උදෑසන 8.30ට මෙහි එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන අතර එය සවස 4.30 දක්වා ක්‍රියාත්මකය.

යුද හමුදාව නිවේදනය කළේ බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට ජාතික හැඳුනුම්පත, විදුලි බිල්පතක්, දුරකථන බිල්පතක් හෝ ඡන්ද නාමලේඛණයේ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද පිටපතක් රැගෙන ඒමෙන් විහාරමහාදේවී උද්‍යානයේ ස්ථාපිත මධ්‍යස්ථානයෙන් එන්නත් ලබාගැනීමේ හැකියාව පවතින බවය.

 

අදාළ මාතෘකා

  • ප්‍රවෘත්ති

ප්‍රවෘත්ති

තවත්

සංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයි

දින 1කට පෙර

ඩුබායි දැවැන්තයෙකුගෙන් හම්බන්තොට වරායේ ව්‍යාපාර පුළුල් කිරීමට සාකච්ඡා

දින 1කට පෙර

ලාංකිකයින්ට සිංගප්පූරුවෙන් නව රැකියා ක්ෂේත්‍ර 8ක දොර ඇරෙයි

දින 1කට පෙර

‘අග්බෝ’ ඇතු ඉලක්ක කර ඇටවූ බඳින තුවක්කුවක් වනජීවී නිලධාරීන්ගේ කකුලේ පැටලෙයි

දින 1කට පෙර

වැඩියෙන්ම කියවූ

  1. 01

    මෙරට නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 7 සීමාව පනී

  2. 02

    ඩොලර් මිලියන 69ක නුවර ප්‍රවාහන පර්යන්තය 2027 දී ජනතාවට

  3. 03

    සංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයි

  4. 04

    ලාංකිකයින්ට සිංගප්පූරුවෙන් නව රැකියා ක්ෂේත්‍ර 8ක දොර ඇරෙයි

  5. 05

    බොරතෙල් බැරලය ඩොලර් 100න් පහළට: ලෝක වෙළෙඳපොළේ හදිසි වෙනසක්

  6. 06

    පාකිස්තානයේ කොළ තණතීරු අපිට බයක් නෑ”: කුසල් මෙන්ඩිස්ගෙන් ප්‍රකාශයක්

  7. 07

    ‘අග්බෝ’ ඇතු ඉලක්ක කර ඇටවූ බඳින තුවක්කුවක් වනජීවී නිලධාරීන්ගේ කකුලේ පැටලෙයි

  8. 08

    ලොව පුරා හින්දු බැතිමතුන්ට ජනපති අනුර කුමාරගෙන් සුබපැතුම්

ඔබේ අදහස Cancel reply

Sri Lanka Breaking News | LKREPORS | Sri Lankan Breaking News

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

  • ප්‍රවෘත්ති
  • ක්‍රීඩා
  • ලොව වටා
  • විශේෂාංග
  • කාලීන
  • විද්‍යාව හා තාක්ෂණය
  • ආර්ථික
  • විමසීම්

© 2026 LKReports.com — සියලු හිමිකම් ඇවිරිණි.

↑