Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

තවත් කොවිඩ් මරණ 37ක් තවුරු කෙරේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

තවත් කොවිඩ් මරණ 37ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 37ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,611ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 19 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 18 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදිත පුද්ගලයින් 988 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 278,507ක් දක්වා ඉහළගොස් තිබේ.

ඔබේ අදහස