ලංකාවට සිහිනයක් ව ඇති “තෙල් සහ ගෑස් සම්පත” සොයාගැනීමේ ක්‍රියාවලිය පහසුකිරීම සඳහා නව පනතක් ගෙන එන බව ගම්මන්පිල පවසයි

මෙතෙක් ශ්‍රී ලංකාවට සිහිනයක් ව ඇති “තෙල් සහ ගෑස් සම්පත” සොයාගැනීමේ ක්‍රියාවලිය පහසුකිරීම සඳහා නව පනතක් ගෙන එන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ අනුව, මන්නාරම ද්‍රෝණියේ ඛණිජ තෙල් ගවේශණය කිරීම සඳහා වන ව්‍යාපෘතියට අදාළ පනත් කෙටුම්පත එළඹෙන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කරන බව ඔහු පැවසීය.

එම පනත් කෙටුම්පත පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අද දෙරණ “බිග් ෆෝකස්” වැඩසටහනට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *