යාපනය,නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා තිබේ..
එන්නත් කටු, සේලයින් බෝතල්, රුධිරය ලබාගන්නා වෛද්‍ය උපකරණ, ඖෂධ රැඳවුම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් එලෙස ගොඩගසා ඇති බව වාර්තා වේ.
ඉන්දියාවෙන් ඉවත දැමූ අපද්‍රව්‍ය මුහුදෙන් මෙරටට ගසාගෙන එන්නට ඇති බවට ප්‍රදේශවාසීන් සැක පළ කරයි.
එම සිදුවීම සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන් දැනුවත් කිරීමටද අදාළ ප්‍රදේශවල ජනතාව කටයුතු කර තිබේ..