Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ලබන වසරේ ජාතික වෙසක් උත්සවය කූරගලදී

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජාතික වෙසක් උත්සවය කූරගල රාජමහා විහාරයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන බව ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (28) කූරගල රාජමහා විහාරයේ අසදිස ශාක්‍ය සුගත මහා සෑ⁣යේ මංගල ශීලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සවයට සාභාගි වීමෙන් අනතුරුවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙම වර්ෂයට අදාළ ජාතික වෙසක් උත්සවය යාපනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් එළඹෙන වසරේ කූරගල පුදබිමේදී ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන බවයි.

ඔබේ අදහස