6 ශ්‍රේණියේ සිට ඉහලට සමස්ථ පාසල් සිසුවියන් ලක්ෂ 12කට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.මෙය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා වෙත උපදෙස් ලබා දී ඇත.
අගමැතිතුමාගේ උපදෙස් අනුව මෙම වැඩ සටහන රජයේ පාසල්වල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය අතර සාකච්ඡාවක් දැනටමත් ආරම්භ කර ඇති අතර මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුවියන් මුහුණ දුන් දුෂ්කරතාවයන් ගැන මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට 2015 වසරේදී අපේක්ෂා කර එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කර තිබුණද වසර 5ක නිහැඩියාවකින් පසුව නැවතත් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට වත්මන් අගමැතිතුමා කටයුතු කරමින් පවතී.


