වසර 70ක් සපිරෙන නාවික හමුදාව

“සිලෝන් රෝයල් නේවි“ ලෙස 1950 වසරේ දෙසැම්බර් මස 9 වන දා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට පිහිටුවනු ලැබීමෙන් අනතුරුව අද වන විට වසර 70ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියයි.

30 වසරක යුද්ධය නිමා කිරීමට ඔවුන් දැක්වූ සහයෝගය හා ශක්තිය හේතුවෙන් රට වටා බැදි රන් වළල්ල නම් විරුදාවලියක්ද ඔවුන්ට ලබා දී ඇත. තවද සයුරින් මෙරටට එල්ල වන තර්ජන මැඩ පැවැත්වීම සඳහාත් විශාල කාර්යභාරයක්  නාවික හමුදාව ඉටුකරන ලැබීය.

මේ ඇනුව 70 වන සංවත්සරයට සමගාමීව  නාවික හමුදා සාමාජිකයින් 1700 කට වැඩි පිරිසක් ඉහළ නිලයට උසස් කර තිබේ. එළෙසම ඉදිරි සතියක කාලය තුල 13 වනදා දක්වා ගාලු මුවදොර පිටිය ඉදිරිපිට මුහුදු තීරයේදී නෞකා දැක්මක් පැවැත්වීමට නාවික හමුදාව  පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *