ඉකුත් මැතිවරණ සමයේ දැඩි කතා බහට ලක්වූ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනාගෙන් එක් අයෙකු වූ රත්නජීවන් හූල් මහතා ශී‍්‍ර ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කරන ලෙසත් මෙරටට ආර්ථික සම්බාධක පනවන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇති බවට වාර්තා වේ.
රත්නජීවන් හූල් පවසා සිටින්නේ යුද අපරාධ සිදුකළ බවට සාක්ෂි ඇති බවත්, එලෙස යුද අපරාධ සිදුකළ අය ඉහළ ධූරවලට පත්කිරීමටද මෙරට බලධාරීන් කටයුතු කර ඇති බවයි.
තවද ද්‍රවිඩ ජනතාවට මිය ගිය කොටි ත්රස්තවාදීන් සැමරීමට රජය විසින් ඉඩ ඇති බවත්, ජීනිවා යෝජනාව ඉටුකිරීමට රජය කි‍්‍රයාකර නැති බවටත් ජාත්‍යන්තර ප්‍රජාවට පැමිණිලි කර ඇත.
ඔහු වැඩිදුටරත් අවධාරණය කර සිටින්නේ වත්මන් රජයද ශී‍්‍ර ලංකා හමුදාව යුද අපරාධ සිදුකර නැතැයි යන පිළිවෙත අනුමත කරන බවයි.


