පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ 33 කට මිනීමැරුම් චෝදනා

ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ සිදු කළ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධව මරාගෙන මැරෙන බෝම්බකරුවන් 11 දෙනකු ඇතුළු 33 දෙනකුට මිනීමැරුම් චෝදනා එල්ලවී තිබෙන බව මහජන ආරක්‍ෂක අමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසා සිටියි.

සරත් වීරසේකර මහතා වැඩි දුරටත් පවසා සිටින්නේ කඩිනමින් නඩු පැවැරීම සඳහා ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ වාර්තා අටක් නීතිපතිවරයා වෙත භාරදීමට කි‍්‍රයාකළ බවයි.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් 366 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවේ පසුවෙන අතර අත්අඩංගුවට ගත් බෝම්බකරුවන් පාස්කු ප‍්‍රහාරයේ 2 සහ 3 ප‍්‍රහාර එල්ල කිරීමට සූදානම්ව සිටි ත‍්‍රස්තවාදීන්ය. වාර්තා වන අන්දමට මොවුන් මහනුවර පෙරහැරට සහ කාන්තන්කුඩි පල්ලියට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *