මාරවිල, තොඩුවාව ප්‍රදේශයේදී මෙම වැටලීම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකල අතර. සැකකරුවන් ගමන් කරමින් සිටි රථ වාහන තුනක්ද සිය භාරයට ගැනීමටද සැකකරුවන් 4දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඔවුන් කටයුතු කර ඇත.
කෙසේවෙතත් මෙම වැටලීම සුරාබදු වැටලීම් ඉතිහාසයේ සිදුවූ සුවිශේෂීම වැටලීම් වලින් එකක් වීමට හේතුව ලෙස වැටලීමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් අත්අඩංගුවට ගැනීමට හැකිවීම සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් එකම ස්ථානයකින් සොයා ගැනීමට හැකිවීම බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේය.