රිෂාඩ්

බදියුදීන් ‍පොහොසත් වුණේ කොහොමද?

පාස්කු ප්‍රහාරය පිළිබද  විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ඇති වූ සංවාදයක් ඇසුරෙන් උපුටා ගත්තකි.

මන්ත්‍රීතුමනි ඔබතුමා කිව්වනේ එල්.ටී.ටී.ඊ සංවිධානය ඔබතුමන්ලාව උතුරෙන් පිටමං කළාට පස්සේ ඔබතුමා අවුරුදු 05 ක් අනාථ කඳවුරක හිටියා කියලා. එහෙම හිටපු ඔබතුමා දේශපාලනයට ඇවිල්ලා මෙච්චර ධනවතෙක් වුණේ කොහොමද ?

යනුවෙන් පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ විනිසුරුවරයෙක් රිශාඩ් බදුර්දීන් ගෙන් ප්‍රශ්න කල අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ,

” අනාථ වුණා කියලා හිඟාකන්න ඕනේ නැහැනේ ස්වාමිනි. මට ව්‍යාපාර කරන්න පුළුවන්නේ”  යනුවෙන් තරමක් උස් හඩිනි.

එහිදී, විනිසුරුවරයා යළි විමසා සිටියේ “ඔය වගේ ධනය රැස්කර ගන්න, ඔබේ සහ පවුලේ අයගේ ව්‍යාපාර දියුණු කරගන්න ඔබේ අමාත්‍යධුරයන්වල වරප්‍රසාද සහ අමාත්‍යාංශය භාවිතා කළා නේද ?” යන්නයි.

“නැහැ මම කිසිම විදිහකින් එවැනි වරප්‍රසාද ව්‍යාපාරවල දියුණුවට භාවිත කරලා නැහැ. මම 2001 ඉදලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරද්දි හැම අවුරුද්දකම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

එහිදී අභියාචනාධිකරණය විනිසුරුවරයා යළිත් විමසා සිටියේ, “ඔබතුමා වංචා කළා කියලා අප කියන්නේ නැහැ. නමුත් මම අහන්නේ අනාථ කඳවුරක ඉදලා ආපු ඔබතුමා කොහොමද මෙච්චර ධනයක් උපයා ගත්තේ කියලා.” යනුවෙනි.

” වත්කම් ගැනයි , පාස්කු ඉරිදා ප්‍රහාරයයි අතර කිසිම සම්බන්ධයක් නැහැනේ ස්වාමිනි. මගේ චරිතය ඝාතනය කරන්නම් ඔබතුමා ඔය අහන ඒවා හොදයි. ඒක නිසා මම කියන්නේ පාස්කු ප්‍රහාරය ගැන සොයන්න.”

යැයි එහිදි රිෂාඩ් බදියුදින් මන්ත්‍රීවරයා ආවේගයකින් යුතුව පැවසීය.

පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (21) දෙවන දිනටත් වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ සිට Skype තාක්ෂණය ඔස්සේ සාක්ෂි සැපයූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *