කෑගල්ල සහ කුරුණෑගල රෝහල්වලට හා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට අලූතින් පී සී ආර් යන්ත්‍ර ලබාදීමට තීරණය කර තිබේ. එමෙන්ම පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට ද පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ කොළඹ ජාතික රෝහලේ පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සහිත නව රසායනාගාරයක් ඉදිකිරීමටද කටයුතු කර ඇති බවයි. එමෙන්ම පොළොන්නරුව රෝහලටද තවත් පී සී ආර් රසායනාගාරයක් ලබාදීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.
මේ අතර කළුබෝවිල ශික්ෂණ රෝහලේ පී සී ආර් පරීක්ෂණ සිදු කිරීම සදහා ඉදිකෙරෙමින් පවතින රසායනාගාරයේ වැඩ කටයුතු 90%ක් පමණ අවසන් වී තිබේ.